මානව සම්පත් සංවර්ධන සැලැස්ම
රජයට ආයතන තුළ පවතින සම්පත් අතර මානව සම්පත් ඉතා වටිනාම සම්පත වේ. රටේ හේතුව වන්නෙත් අනෙකුත් මිනිස් අවධානයා ඉටු කිරීම සඳහා තිබෙන සම්පත් සියල්ල, එම අපේක්ෂාවන් යහපත් අයුරින් ඉටු කරලීම උදෙසා යොමු කිරීමේ වගකීම පැවරී ඇත්තේ මානව සම්පත මත වීමයි. මේ වගකීම් නිසි පරිදි ඉටු කරලීමට නම් සියලුම ආයතන තම මානව සම්පත මානව අදාළ කාර්යයන් කෙරෙහි යොමු කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කළ යුතු ය. එහි දී, මානව සම්පත් සංවර්ධනය අත්‍යවශ්‍ය කරුණකි. මෙම කරුණු පෙරදැරි කර ගනිමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මඟින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 02/2018 මඟින් රාජ්‍ය අංශය තුළ මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරනු ලැබීය. එමඟින් සියලු ම රාජ්‍ය ආයතන තම ආයතනයේ මානව සම්පත් සැලසුම් සහගතව උපරිම ලෙස කාර්යක්ෂමව ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රියාපිළිවෙළක් අනුගමනය කළ යුතු අතර, ආයතනයකට පැවරී ඇති වගකීම් සමස්තයක් ලෙස ඉටු කිරීමේ දී විශේෂයෙන්ම කාර්ය මණ්ඩලය අතර සූදානම, ඔවුන්ගේ හැකිය, දක්ෂතා, නිර්මාණාත්මක කුසලතා හා උනන්දුව ආදී ආයතනයට අවශ්‍ය වන ගුණාංග වර්ධනය වන ආකාරයට නිරවද්‍යතාවකින් යුක්තව තම ආයතනයේ මානව සම්පත් සංවර්ධන සැලැස්ම සකස් කල යුතු වේ. මේ මඟින් ආයතනයේ අරමුණු හා ස්වරූපය පිළිබඳ පැහැදිලිව අවබෝධ කරගෙන නිසි දැනුමක් සහිතව අත්‍යවශ්‍ය නිලධරී සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත ඇගයීමක් සිදු කරමින් විවිධ අයුරින් මානව සම්පත විශ්ලේෂණය කරමින්, ඔවුන්ට තිබිය යුතු නිපුණතාවයන් ප්‍රධාන වශයෙන් මූලික (Core) සහ තාක්ෂණික (Technical) වශයෙන් හඳුනාගෙන, ඒවා ඉලක්ක කරගනිමින් පුහුණු වැඩසටහන්, සම්මන්ත්‍රණ, සාකච්ඡා වැනි විවිධ ආකාරයේ මානව සම්පත් සංවර්ධන වැඩසටහන් මඟින් පවතින නිපුණතා පරතරය (Competency Gaps) පිරවීමට කටයුතු කරනු ඇතැයි යන්න මෙහි ඒකායන අරමුණ වේ.


















