"Ditwa"

Re-Building Sri Lanka

1

2

3

4

5

6

ආපදා කළමනාකරණය හා ආපදා සහන සේවා සැපයීම

හදිසි ස්වාභාවික ආපදා තත්ත්වයකදී විපතට පත්වන ජනතාව හා ආපදා අවදානම හේතුවෙන් පදිංචි වාසස්ථානවලින් ඉවත් කරන ජනතාවට සහන සැලසීම හා හානියට පත් ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන උපදෙස් ඇතුළත් නව චක්‍රෙල්ඛය 2020-04-01 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.  ආපදා කළමනාකරණ චක්‍රෙල්ඛ අංක 01/2020 ලෙස මෙය අංකනය වේ.

  ඒ අනුව ස්වාභාවික ආපදාවකදී ජීවිතක්ෂයට පත්වන, අවතැන්වන හා දේපළ හානිවන ජනතාව සඳහා සහන සැලසීම 2020-04-01 දින සිට මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන යොදා ගනිමින් ක්‍රියාත්මක වන අතර අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ අංශය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කරගනිමින් ආපදා තත්ත්වයන් හි දී හදිසි ප්‍රතිචාර දැක්වීම හා ආපදාවෙන් බලපෑමට ලක්වන පුද්ගලයන් සඳහා කඩිනම් සහන සැලසීමට හා හානියට පත්වන දේපළ සඳහා වන්දි ලබා දීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ආපදා සහන සේවා සැලසීමේ ඒකකය කටයුතු සිදු කරනු ලබයි.

  1.  ස්වාභාවික ආපදාවකදී සහන සැලසීම

   1.1  ආවරණය වන ආපදා තත්ත්වයන්

 (අ)  *සුළි කුණාටු               *කුණාටු                      *චණ්ඩ මාරුත                       *ගං වතුර    

        *නාය යෑම්                 *සුළිසුළං                     *සුනාමි                                 *අකුණු සැර  

        *භූමිකම්පා                 *අනපේක්ෂිතව යම් දෙයක් වැටීම          *වර්ෂාවෙන් තාප්ප කඩා වැටීම 

         *තද සුළඟ නිසා ගස් කඩා වැටීම හා ඊට සමාන වෙනත් ස්වභාවික ආපදා හේතු කොට ගෙන සිදුවන සියලුම ජීවිත හා දේපළ හානි (ගිනි ගැනීම් හා මිනිසා විසින් නිර්මිත ආපදා තත්ත්වයන් මෙයින් ආවරණය නොවේ)

An error has occurred while processing your request.

404-not-foundYou may not be able to visit this page because of:

  •  an out-of-date bookmark/favourite
  •  a mistyped address
  •  a search engine that has an out-of-date listing for this site
  •  you have no access to this page

If difficulties persist, please contact the System Administrator of this site and report the error below.

404 Page not found
Scroll To Top