செய்திகள்
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම’
ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය, කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන්ම පුළුල් මහජන සහභාගිත්වයක් සහිතව ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ එකී විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික අරමුණ ළගා කර ගැනීම සඳහා ‘රටම එකට ජාතික මෙහෙයුම’ ක්‍රියාත්මක කෙරෙන අතර පුළුල් ප්රචාරක ක්‍රියාවලියක් ඔස්සේ විෂ මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම එහි ප්‍රධාන වැඩපිළිවෙළක්වේ.

ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් රැකියා ප්‍රවර්ධනය සඳහාවන ව්‍යාපෘතියේ සබරගමු පළාත් සම්මාන ප්රදානෝත්සවය
ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් රැකියා ප්‍රවර්ධනය සඳහාවන ව්‍යාපෘතියේ සබරගමු පළාත් සම්මාන ප්රදානෝත්සවයජපන් ජාත්‍යන්තර සහයෝගිතාව (JICA) සහ සමාජසේවා දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ආබාධ සහිත පුද්ගලයන් සඳහා රැකියා සහයෝගය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, “Linkage Creation Programme” මේ වනවිට කෑගල්ල දිස්ත්‍රික්කය තුළ සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන යටතේ, 2025 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරින් ආබාධ සහිත පුද්ගලයින් වැඩිම ප්‍රමාණයක් රැකියාගත කිරීම වෙනුවෙන් අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇගයීමට ලක්වූ අතර, ඒ් සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරිනී අමිලා ජයසේන මහත්මිය හා සමාජ සේවා නිලධාරි ලක්ෂමන් ගුණතුංග මහතා ද ඇගයීමට ලක්විය.
ඒ සඳහා නිවැරදි මාර්ගෝපදේශය සහ නායකත්වය ලබාදුන් ප්‍රාදේශීය ලේකම්තුමියට, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාට, එම සේවා සම්බන්ධීකරණය කාර්යක්ෂමව සිදු කළ මානව සම්පත් නිලධාරිනී අමිලා ජයසේන මහත්මියට, සමාජ සේවා නිලධාරි ලක්ෂමන් ගුණතුංග මහතාට සහ මෙම වැඩසටහනේ සෑම පියවරකදීම සහය දුන් සියලුම නිලධාරීන්ට මෙන්ම සේවායෝජක ආයතන වලට හා මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දුන් මාස් තුරුලි ආයතනයට ද අපගේ ගෞරවය පිරුණු ප්‍රණාමය හිමිවේ.
මෙම ව්‍යාපෘතිය මඟින් ආබාධ සහිත පුද්ගලයින්ගේ ජීවිතවලට නව ආරම්භයක් ලබාදෙමින්, ඔවුන්ගේ ආර්ථික ස්වයංපෝෂිතභාවය බලාපොරොත්තු සහිතව ඉදිරියට ගෙනයාම අරමුණු කෙරේ.
2025.10.26 දින රත්නපුර කේතුමති ශාලාවේදී පැවති මෙම සම්මාන උළෙල සඳහා අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් සහකාර ප්‍රාදේශීය ලේකම් සනෝජ් නිශ්ශංක මහතා, මානව සම්පත් නිලධාරී අමිලා ජයසේන මහත්මිය, සමාජ සේවා නිලධාරි ලක්ෂමන් ගුණතුංග මහතා සහ රැකියා ගත විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් ද ඔවුගේ දෙමව්පියන් හා භාරකරුවන් ද සහභාගි විය.






















